එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (18) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භ වන අතර එය ලබන 22 වනදා දක්වා පැවැත්වෙයි. මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක සමුළුව අද (18) ආරම්භ වනු ඇත.
2030 වසර වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයන්ට මාර්ගෝදේශ සැපයීමේ අරමුණින් තිරසර සංවර්ධන ඉලක්ක සමුළුව පැවැත්වෙන බව වාර්තා වේ.
මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ තේමාව වී ඇත්තේ 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍ය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම හා ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම යන්නය.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි