Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කෙරවළපිටිය බලාගාරයේ බිඳ වැටීමක්. එකවර මුළු රටටම විදුලිය සපයන්න නොහැකි තත්වයක්.

අද දහවල් 12.30 ට පමණ රට පුරා විදුලිය බිදවැටීමක් සිදු වුණා. මේ මොහොත වන තුරුත් එම විදුලිය බිද වැටීම මුළුමනින්ම යථාතත්වයට පත් කිරීමට හැකි වී නෑ.

කෙරවළපිටිය බලාගාරයේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදුව ඇති බව වාර්තා වනවා.

අවශ්‍ය කටයුතු සිදුකරමින් සියල්ල යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කරනවා.

2016 වසරෙන් පසු සමස්ථ ලංකාවටම විදුලිය බිඳවැටීමක් සිදු ව ඇති පළමු අවස්ථාව මෙය යි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ පැය 5 – 6 අතර දීර්ග කාලයක්රට පුරා විදුලිය සැපයුම කිසිදු අයුරකින් යථාවත් කිරීමට නොහැකි වීමයි.එවැන්නක් මීට පෙර සිදුව අත්තර් වසර 25 කට පෙරාතුව බවයි විදුලිබල වෘත්තිය සමිති නියෝජිතයන් පවසන්නේ.

මේ අතර විදුලිය විසන්ධි වීම හේතුවෙන් මාර්ග සංඥා ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම හේතුවෙන් අද සවස් යාමයේ ප්‍රදේශ රැසක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබු අයුරුද දැකගත හැකි වුණා.

ඒ අනුව රථවාහන තදබදය අවම කිරීම සඳහා අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙනු දක්නට ලැබුණා.

විදුලිය විසන්ධි වීමෙන් දුම්රිය ධාවනයට බාධාවක් එල්ල වී නොමැති බව දුම්රිය පාළක මැදිරිය සඳහන් කළද අද පස්වරුවේ කොළඹ කොම්පඤ්ඤවීදිය සහ කොටුව ආශ්‍රිතව සුළු දුම්රිය ප්‍රමාදයක් සිදුවු බවද අපට වාර්තා වුණා.

මේ අතර දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමෙන් පසුවද ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පැය 3 ත් 5 ත් අතර කාලයක් ගතවනු ඇති බවයි.

මෙම හදිසි විදුලිය බිදවැටීම පිළිබද කරුණු සොයා බැලීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් ලබා දී ඇති බවද වර්තාවනවා.

About The Author