Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“උ” යන්නෙන් ම පටන් ගත්තට ඉවර වුණේ වෙන විදයකට

පන්සලේ ගිනි අවි සහ බෝම්බ තබා ගැනීමේ වරදට ඌවතැන්නේ සුමන හිමි ජීවිතාන්තය දක්වා සිපිරි ගෙට නියම විය.

නීතිය නිවැරදි ලෙසින් ක්‍රියාත්මක වූවා යැයි අප සිතිය හැකිය.

නමුත් උඩුවේ ධම්මාලෝක හිමිගේ විහාරස්ථානයේ නීති විරෝධී ලෙස මව හෝ පියා සඳහන් කළ නොහැකි වනයෙන් අල්ලා ගත් අලි පැටවෙකු සිර කර තබා ගැනීමට අදාල නඩුවේදී පැවැති සාක්ෂි සහ අනාවරණය වූ කරුණු මත මී මැස්සාගේ මතකයේ හැටියට අධිකරණයට සිදුවූයේ අදාල හිමියන් එම චෝදනාවෙන් නිදහස් විය.

අලි පැටියා පෙරහැර බලන්නට පැමිණි කෙනෙකු පන්සලේ ගේට්ටුව අසල අත්හැර දමා ගොස් තිබුණි.පතළ මහා කරුණා ගුණය පෙරදැරිව ඒ හිමියන් විසින් අලි පැටියාට කන්නට බොන්නට දී රැකබලාගෙන තිබුණි.

වනජීවි පනත පවා උල්ලංඝනය කරමින් අහිංසක සතෙකු විහාරස්ථානය තුළ සිරකරගෙන සිටි බව කියවුණ ද නඩු විභාගය අවසන් වූයේ උන්වහන්සේ නිදහස් කරමිනි.

යහපාලන ආණ්ඩුව පන්සලේ අලි පැටියකු තියාගෙන ඉන්නවාටත් මහා සංඝ රත්නය හිරේ විලංගුවේ දමමින් සංඝ දඩයම ක්‍රියාත්මක කර ඇති බව එදා විපක්ෂයේ හඬ නැගුවේ ය.

කොහොමත් සමහර අය සිතා සිටින්නේ ආණ්ඩු මාරු වන විට අධිකරණයද මාරු වන බවය.අධිකරණය ස්වාධීන ආයතනයක් නොවන බව ඔවුන්ගේ ප්‍රකාශයන් තුළින්ම ගම්‍ය වීම කනගාටුදායක ය.

යුධ හමුදාව පවා අපකීර්තියට පත් කළ කුලී මිනීමරුවන්ට සහ කප්පම් කරුවන්ට නීතිය ඉදිරියේ දී දඩුවම් නියම වන විට එය යහපාලන රජයේ රණවිරු දඩයමක් වන්නේ එබැවිනි.

අධිකරණය යනු ව්‍යවස්ථාදායකය සහ විධායකය වෙනස් වන විට ඊට අවශ්‍ය පරිදි තීන්දු තීරණ ලබා දෙන ආයතනයක් බව සමාජයට ඒත්තු ගැන්වීමට සමහරක් උත්සාහ දරමින් සිටී.

මී මැස්සා කල්පනා කලේ ඌව තැන්නේ හිමිට වුණ දේ ගැනය.අධිකරණ තීරණය අවසන් තීරණය වන අතර එයට ගරු කිරීම පුරවැසි යුතුකම හා වගකීම වේ.T 56 තුවක්කු දෙකක් පන්සලේ තිබූ වරදට ඌව තැන්නේ හිමි ජීවිතාන්තය දක්වා හිරේ ය.

ඌවතැන්නේ හිමි වෙනුවෙන් විපක්ෂය ද නිහඬය. ජනපති සමාවක් වත් ඉල්ලන්නට කෙනෙක් නැත.වන්දි එකතු කරන්නට පිණ්ඩපාතෙ යන්නටද කෙනෙක් නැත.

මී මැස්සා කල්පනා කලේ ඌව තැන්නේ හිමිට උඩුවේ හිමි වගේ වෙන්නට බැරි වුණේ ඇයි කියාය.

මී මැස්සා

About The Author