ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ආපසු ශ්‍රී ලංකාවට පවරන බවට එකඟවීමක් සිදු නොවූ බව ඉන්දීය රජය විසින් සඳහන් කර තිබෙනවා.
මෙම තෙල් ටැංකි සමූහය ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ එකඟ වූ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව සිය ස්ථාවරය සඳහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා තහවුරු කරන්නේ.
ඉන්දීය රජය පවසන්නේ මෙම තෙල් ටැංකි සමූහය ගැන තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි. 2015 වසරේ මැයි මසද ශ්‍රී ලංකා රජය මෙම තෙල් ටැංකි ලබා ගැනීමට දැරූ උත්සාහයද ව්‍යාර්ථ වූ බවද එහිදී සඳහන්ව තිබෙනවා.
2003 වසරේදී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මෙම තෙල් ටැංකි ඉන්දීය IOC සමාගමට පැවරීමේ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ඉන්දීය රජය ත්‍රීකුණාමල තෙල් ටැංකි වල හිමිකාරීත්වය වසර 35 ක් සඳහා ලබාගෙන ඇති අතර ඒ අතර තුර ඒවා ලංකාවට ලබාදීමට මේ දක්වා එකගත්වයක් පල කර නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි