මෙවර යෙදී ඇති L.T.T.E සංවිධානයේ මරවිරු සැමරුම නිවසේ සිට සිදුකිරීමට පියවර ගන්නා ලෙසට උතුරේ දේශපාලන නායකයින් ජනතාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ පවතින කොරෝනා අවධානම හේතුවෙන්.
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක නියෝජිතයින් විසින් මෙම තීරණය ගෙන ඇති බවට එම පක්ෂවල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම මේ දිනවල මහවිරු සැමරුම් වලට එරෙහිව අධිකරණ තහනම් නියෝගයක්ද ක්‍රියාත්මක වන අවස්ථාවක මහවිරු සැමරුම් සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු බවට ද එම සකච්ඡාවේදී දෙමළ නායකයින් විසින් ජනතවට දැනුම් දී ඇත.
නොවැම්බර් 26 වනදා L.T.T.E සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය ද යෙදී ඇති අතර 27 වනදාට ඔවුන් මහවිරු දිනය සමරයි.
නොවැම්බර් 21 වනදා සිට මහවිරු සැමරුම් සිදු කිරීමට ඔවුන් උනන්දුවන ආකාරයක් බොහෝ විට දක්නට ලැබේ.
© ‘මවුරට’ – වන්නි රොමේෂ් මධුෂංඛ
අත නොහැර කියවන තැන
බස් ගාස්තු වැඩිකරන්නේ නෑ – ගැමුණු
විදුලි බිල නැවත වරක් ඉහළට?
අදත් තද වැසි