2022 ඔක්තෝබර් 3

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඊශ්‍රායලයේ ප්‍රහාරයක් වාර්තා වෙයි ..

ඊශ්‍රායලයේ නිදහස් දිනය නිමිත්තෙන් එරට විවිධ සැමරීම් පැවැත්වෙන අතරතුර මධ්‍යම ඊශ්‍රායලයේ සිදුකර ඇති ප්‍රහාරයකින් තිදෙනෙක් මියගොස් තිබේ.

රථවාහන නවතා තබන ස්ථානයකට ඇතුළු වූ දෙදෙනෙක් එහි සිටි පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහර දී තිබුණි. පොලිසිය මාර්ග බාධක යොදා ප්‍රහාරකයන් සොයා පරීක්ෂණ දියත් කර ඇත.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට එරට පොලිසිය සැක කරයි.