Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉරාන නෞකා අත්අඩංගුවේ.

වෙනිසියුලාව බලා පිටත් වූ ඉරාන ඉන්ධන නෞකා හතරක් මෙතෙක් අත්පත් කර නොගත් විශාලතම ඉන්ධන තොගය සමඟින් ඇමරිකානු අත්අඩංගුවට පත් වී තිබේ. අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව විදේශීය හවුල්කරුවන්ගේ සහාය ඇතිව ඉන්ධන බැරල් මිලියන 1.1ක් පමණ රාජසන්තක කරන ලදී. වොෂින්ටනය පැවසුවේ මෙම නැව්ගත කිරීම එක්සත් ජනපද සම්බාධක උල්ලංඝණය කළ බවයි. 

එහෙත් වෙනිසියුලාවේ ඉරාන තානාපතිවරයා කියා සිටියේ නැව් හෝ ඒවායේ අයිතිකරුවන් ඉරානියානුවන් නොවන බවයි. පසුගිය මාසයේ දී එක්සත් ජනපදය විසින් නඩු පැවරීමෙන් පසු ඉරාන තෙල් ටැංකි හතරකින් තෙල් බඩු තොග අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබිණි. “ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය” (අයි.ආර්.ජී.සී.) පැවසුවේ සිය රටට අයත් ඩොලර් මිලියන ගණනක ඉන්ධන තොගයක් ඇමරිකානුවන් විසින් අසාධාරණ අන්දමින් අත්පත් කරගෙන ඇති බව යි. “අයි.ආර්.ජී.සී. ” යනු ඉරාන ත්‍රිවිධ හමුදාවේ ශාඛාවක් වන අතර එක්සත් ජනපදය විසින් එය විදේශ ත්‍රස්ත සංවිධානයක් වශයෙන් නම් කර තිබේ. මෙම අත් අඩංගුවට ගත් දේපල දැන් එක්සත් ජනපද භාරයේ පවතින නමුදු අත්පත් කර ගැනීම් සිදු වූයේ කවදා ද? කොතැන දී ද? යන්න පිළිබඳ කිසිදු සඳහන් නොකිරීමට ඔවුහු ප්‍රවේශම් වෙමින් සිටිති. එහෙත් අත්අඩංගුවෙන් පසු ඉරාන හමුදා භටයින් කිහිප දෙනෙකු ඔවුනට කිසිසේත් අදාළ නොවන එම නෞකාවට ගොඩ වැදීමට උතසාහ කළ බවත්, තමන්ට ඔවුන් ඉතා ආයාසයෙන් ඉවත් කර දැමීමට සිදු වූ බවත් ඇමරිකාව ප්‍රකාශ කර ඇත.

About The Author