Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයට

දිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉන්ධන සැපයුම් ක්‍රියාවලියේ යම් යම් ප්‍රමාදයන් සිදුව තිබුණි.

කෙසේවුවද ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් එහි සැපයුම් ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගත් අතර මේ වනවිට දිවයින පුරා ඇනවුම් කළ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව යටතේ සිදුකිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ දිනයේදී කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් පමණක් ඉන්ධන බවුසර් 200 කට අධික සංඛ්‍යාවක් පිරවුම්හල් සඳහා පිටත්ව තිබූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.

මේ හේතුවෙන් ඊයේ පස්වරුව වනවිට දිවයිනේ කිසිදු ස්ථානයක පෝලිම් හෝ ඉන්ධන හිඟයක් පිළිබඳ තොරුතුරු වාර්තා වී නොමැති බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයින් බහුතරයක් වර්ජන ක්‍රියාමාර්ග නවතා සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටින බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පැවසීය.

About The Author