ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ සිදුවී තිබෙනවා.
ඒ කොළඹ පිහිටි ඉන්දීය නිල නිවසේදී යි.
එහිදී ශ්‍රී ලංකාවේ පැතිර යන කොවීඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රී ලංකීය ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇති බව වාර්තාවනවා.
කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම විශේෂත්වයක් බවයි වාර්තාවන්නේ.
දෙදින නිල සංචාරය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය අවසන් හමුව ලෙස එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම ද විශේෂත්වයක්.
එම හමුවෙන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය Twitter ගිණුමේ සටහනක් ද තබා තිබුණා.

අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි