“ඉන්දීය රෝ ඔත්තු සේවය” ශ්‍රී ලංකාවට ඇතුල් වීමේ අවස්ථාවක් ලෙස පසුගිය කාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විවිධ දේශපාලන කණ්ඩායම් විසින් හදුන්වා දුන් 1990 සුවසැරිය ගිලන්රථ සේවය 2020 වසරේදී පමණක් රෝගීන් තුන් ලක්ෂ තිස්පන්දහසක් (335 000) සඳහා පිහිට වී ඇති බව වාර්තාවනවා.
1990 සුවසැරිය ගිලන් රථ සේවයේ විධායක අධ්‍යක්ෂ සොහාන් ද සිල්වා මහතා පවසන්නේ ඒ වෙනුවෙන් ගිලන් රථ 297ක 1400ක් වූ කාර්ය මණ්ඩලයක් දිවා රාත්‍රියෙහි කැප වී ඇති බවයි.
මෙම රෝගීන් අතරට කොරෝනා ආසාධිත රෝගීන්ද ඇතුළත්.
1990 දී සුවසැරිය හදිසි හදිසි ගිලන්රථ සේවාව මෙරටට හඳුන්වාදුන් 2018 වසරේ සිට මේ දක්වා කාලය තුළ රෝගීන් 736,240 ක් ප්‍රවාහනය කිරීමට සහ අවශ්‍ය මුලික ප්‍රතිකාර ලබා දීමට එයට හැකිවී තිබෙනවා.
ඉන් බොහෝ දෙනෙකු බෝ නොවන රෝග සහ හදිසි අනතුරු වලට ගොදුරු වූවන් බව ද සුවසැරිය විධායක අධ්‍යක්ෂ සොහාන් ද සිල්වා මහතා පැවසුවා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක