ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරමින් දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ කොලඹ වරායන් අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹදී ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම වැඩපිලිවෙලේ ප්‍රථම පියවර ලෙස කන්කසන්තුරේ සහ පාන්ඩිචෙරි අතර මගී යාත්‍රා (ෆෙරි) සේවාවන් ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. ඒ සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලබා දී ඇති බව බවද වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි