ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගය තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටි කම්කරුවන් 41 බේරා ගැනීම ආරම්භ වී තිබේ.
කම්කරුවන් බේරා ගැනීම සිදුවන්නේ ඔවුන් සිරවී සිටින තැනට සිරස් අතර මීටර් 60 ක් දිග සිදුරක් විදීමෙනි.
එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කර ඇති අතර. සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගැනීම සිදුවෙමින් පවතී.
දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය යටතේය.
බේරා ගන්නා පිරිස සදහා ගිලන්රථවලට අමතරව හෙලිකොප්ටර් යානා ද සූදානම් කර තිබේ.
(එන්.ඩී.ටීවී.)


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්