මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයන් වන කිඹුලාඇළේ ගුණා, ලඩියා, වැල්ලේ සුරංග ඇතුළු ශ්‍රී ලාංකිකයන් 9දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරක දී සිටියදී මෙම පිරිස ඊයේ (19) ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) විසින් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සී. ගුණසේකරන් හෙවත් ගුණා හෙවත් ප්‍රේම් කුමාර්, පුෂ්පරාජා හෙවත් පූකුට්ටි කන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා, ධනුක්ක රොෂාන්, වෙල්ලා සුරංග නොහොත් ගමගේ සුරංග ප්‍රදීප් සහ තිලිපල් නෙහොත් දිලීපන් යන අයයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි