කවර අඩුපාඩු මධ්‍යයේ වුවද පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
ඒ මුද්‍රිත මාධ්‍ය ආයතන කතුවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (6 වැනිදා) පැවැති හමුවකදී යි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා පැවැසුවේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආරම්භ කළ පළාත් සභා ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවයි.
පළාත් සභාවල අඩුපාඩුකම් තිබුණත් එය කාර්යක්ෂම කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. පළාත් සභා අකර්මන්‍ය කිරීමට මධ්‍යම රජය මූල්‍ය කප්පාදු කිරීම ද වැරදි බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සදහන් කළා.
පළාත් සභා සම්බන්ධයෙන් රජය ශ්‍රී ලංකාවේදී එක් ප්‍රකාශයක්ද ඉන්දියාවේදී වෙනත් ප්‍රකාශ කිරීමෙන්ද වැළකිය යුතු බව ද ඔහු සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ප්‍රමිතියෙන් තොර බාල පොල් තෙල් තවමත් වෙළඳපොලේ – ඇමති අමරවීර පාර්ලිමේන්තුවේදී පිළිගනී
විපක්ෂ නායක ඉල්ලා අස් වුනා ද?
සජිත් – මහින්දානන්ද පැටලෙයි – පාර්ලිමේන්තුව උණුසුම් – සිරිකොතත් පැටලෙයි