ඇල්ජීරියාවේ ජනාධිපති වන අබ්දෙල්මජිඩ් ටෙබූන් ජර්මනිය වෙත යවා ඇත්තේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බව එරට රාජ්‍ය නාලිකාව සඳහන් කර තිබේ.
ටෙබූන් මහතා අඟහරුවාදා ඇල්ජීරියාවේ දී රෝහල් ගත කළේ ය.
ඔහුගේ තත්වයෙහි ස්වභාවය තවමත් හෙළි වී නැති නමුදු ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක පහළ වී ඇත.
පසුගිය දා සිය සහායකයින්ගෙන් සහ රජයේ නිළධාරීන්ගෙන් බොහෝමයක් කොවිඩ් -19 සඳහා ධනාත්මක බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ටෙබූන් මහතා දින පහක් ස්වේච්ඡාවෙන් ස්වයං නිරෝධායනයට ලක් විය.
ඔහු මේ අන්දමින් හදිසියේ රෝහල් ගත කර ඇත්තේ ඇල්ජීරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත වෙනස්කම් පිළිබඳ ජනමත විචාරණයකට දින කිහිපයකට පෙරය.
අත නොහැර කියවන තැන
මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක්
සෞඛ්‍ය ඇමැතිට පොලිසීයෙන් වෙඩි
ජෝන්ට වැටුණු බාල්දිය