කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබූ ගුවන් තොටුපළ වාණිජ ගුවන් ගමන් සඳහා යළි විවෘත කිරීමෙන් පසු පැමිණි මුල්ම යුරෝපීය සංචාරක කණ්ඩායම ලෙසින් දහදෙනකුගෙන් සමන්විත නෙදර්ලන්ත ජාතිකයන් පිරිසක් පෙරේදා (21) මෙරටට පැමිණ තිබෙනවා.
මේ පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මීට අමතරව තවත් ජර්මන් ජාතික සංචාරකයන් 05 දෙනකු ඊයේ (22) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් ශ්‍රී ලංකාව යළි විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීම පිළිබඳ වාර්තාකරණයට පැමිණි මාධ්‍යවේදීන් පිරිසක් බවයි වාර්තාවන්නේ.


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්