Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමරිකානු වැසියන්ට ට්‍රම්ප්ගෙන් ආධාර.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මූල්‍යමය අර්බුදවලට මුහුණ දී සිටින ඇමරිකානු වැසියන් හට උපකාර කිරීමට අවසානයේ දී එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වී තිබේ. ඔහු පවසන්නේ කොන්ග්‍රසය ඔහුට එලෙස කටයුතු කරන ලෙස බල කළ බව යි. රැකියා විරහිතයින්ට ආධාර කිරීම, වැටුප් බදු අත්හිටුවීම සහ ශිෂ්‍ය ණය දීර්ඝ කිරීම යන ක්‍රියාමාර්ග මෙම නියෝගවලට ඇතුළත් ය.

අදාළ නියෝගය මඟින් රැකියා විරහිත ඇමරිකානුවන් මිලියන ගණනකට සතියට ඩොලර් 306 බැගින් ලැබීමට නියමිත ය. එහෙත් එය වූ කලි ට්‍රම්ප් විසින් පෙර දී අහිමි කරන ලද ඩොලර් 600ක ප්‍රතිලාභයට වඩා ඉතා අඩු මුදලකි. මේ පිළිබඳ විමසූ විට ට්‍රම්ප් කියා සිටියේ,පාරිතෝෂිකය අඩු කිරීම මඟින් ජනතාවට නැවත රැකියාවක් සොයා ගත යුතු බවට බල කිරීමක් කෙරෙන බව යි. එසේ නොවුණහොත් ජනතාව නිකම් සිටිමින් රජයෙන් යැපීමට උත්සාහ දරනු ඇති බවත්, ඔවුනට ජීවත් වීමට යන්තම් සෑහෙන තරමට මුදල් ලැබීම නිසා අනෙකුත් ලෞකික අවශ්‍යතා ඉටු කර ගැනීමේ අරමුණින් ජනතාව කෙසේ හෝ සුළු රැකියාවක්වත් සොයා ගනු ඇති බවත් ට්‍රම්ප් පවසයි.

එහෙත් ට්‍රම්ප්ගේ රජයෙන් ගෙවීමට නියමිත මෙම මුදලින් 25%ක් ගෙවිය යුතු වන්නේ ප්‍රාන්ත රජය යි. වසංගතය හේතුවෙන් දැනටමත් විශාල අයවැය හිඟයකට මුහුණ දී සිටින ප්‍රාන්තවලට මෙය කෙසේ දරා ගත හැකි වේ ද යන්න ගැටලු සහගත ය. එහෙත් නියමිත අරමුදලෙන් ප්‍රාන්ත විසින් ගෙවිය යුතු ගණන තීරණය කිරීම ද ට්‍රම්ප්ගේ අදහසක් විය. මෙම වසර අවසානය දක්වා සමාජ ආරක්ෂණ හා වෙනත් ෆෙඩරල් වැඩසටහන් සඳහා ගෙවන වැටුප් බදු එකතු කිරීම අත්හිටුවීම, ෆෙඩරල් ශිෂ්‍ය ණය ගෙවීම් අත්හිටුවීම සහ නෙරපා හැරීම් අවම කිරීමට දරන උත්සාහයන් සඳහා තාවකාලික තහනමක් ද මෙම පියවරයන්ට ඇතුළත් ය.