කොවිඩ් මරණ වල අවසන් කටයුතු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අනවශ්‍ය ලෙස මැදිහත් වන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධිවිද්‍යා විද්‍යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා “COVID 19 ආසාදිත සිරුරු බැහැර කිරීම” පිළිබඳ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට ද තර්ජනය කරන අයුරින් ක්‍රියා කර ඇති බවයි.
එම ලිපිය පහළින්
ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරන ලද මරණ කළමනාකරණ ස්වාධීන ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ “COVID 19 ආසාදිත සිරුරු බැහැර කිරීම” පිළිබඳ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා කෙරෙහි මෑතකදී දැක්වූ තර්ජනාත්මක පිළිවෙත හේතුවෙන් ගරු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධිවිද්‍යා විද්‍යාලය විසින් දැඩි ලෙස හෙළා දකියි.

අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි