වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානයක මහතාට කොරෝනා ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ විශාල රාවයක් පැතිර ගියා.
එපමණක් නොව වෙබ් අඩවි රැසක් ද මෙය ප්‍රවෘත්තියක් ලෙස වාර්තා කර තිබුණා.
කෙසේ වෙතත් වහා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ විමලවීර දිසානායක මහතා සහ ඔහුගේ මාධ්‍ය ඒකකය මෙම පුවත අසත්‍ය බව නිවේදනය කළා.

නමුත් යම් අයුරකින් මෙම ප්‍රවෘත්තිය සත්‍ය වුවා නම් ඇතිවන්නේ බරපතල අවදානමක්.
එයට හේතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද විමලවීර දිසානායක මහතා ගේ ආශ්‍රිතයෙකු බවට පත්වීමයි.
ඊට හේතුව වන්නේ පසුගියදා (09) වෙනිදා අම්පාර ලාතුගල ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසදරක් වැඩසටහනට එක් වූ විමලවීර දිසානායක මහතා ජනාධිපතිවරයාගේ සමීපයේම රැදී සිටීමයි.
ඇතැම් අවස්ථාවල ඔහු ජනාධිපතිවරයා අසලම හිදිමින් මුව ආවරණය පවා ඉවත් කරමින් අදහස් පල කරන ආකාරයද දක්නට ලැබුණා.
අත නොහැර කියවන තැන
ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු වෙන්නේ නැහැ
මෛත්‍රීගෙන් අලුත් කතාවක්
ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්