පසුගිය අප්‍රේල් මාසයේ මෙරට ආහාර උද්ධමනය 45.1%ක් දක්වා ඉතා වේගයෙන් වැඩි වී ඇති අතර සමස්ත උද්ධමනය එම මාසයේදී 33.8%ක් වැඩිවී ඇති බව මහ බැංකුවේ අලුත්ම නිවේදනවලින් හෙළිව තිබෙනවා.
අධ්‍යාපනය වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ උද්ධමනය 22.2% දක්වා ඉහළ ගොස් තිබෙන්නේ මාර්තු මාසයේ පැවැති 4.5% අගයේ සිටයි.
කෙසේවෙතත් ජාත්‍යන්තර මට්ටමින් මේ සම්බන්ධයෙන් අදහස් පල කරන ආර්ථික විශේෂඥයන් පවසන්නේ මහ බැංකු වාර්තා වල දැක්වෙන අගය ගෙන වඩා ඉහළ අගයක මෙරට සැබෑ උද්ධමනය පවතින බවයි.
මෙම තත්වය විශේෂයෙන්ම බැංකුවල තැන්පත් කර ඇති මුදල් කෙරෙහි විශාල වශයෙන් ඍණාත්මක බලපෑම් ඇති කර තිබෙනවා.
මේ වන විට ජනතාවගේ මුදල් බැංකුවේ අද්දවා ගැනීමට තැන්පතු පොලී අනුපාත ද උපක්‍රමශීලී ලෙස ඉහළ දැමීමට බැංකු රැසක්ම කටයුතු කර තිබෙනවා.
ආසන්න වශයෙන් මේ වනවිට තැන්පතු සඳහා ගෙවන පොලිය 13%ක මට්ටමේ පවතින අතර අතර උද්ධමනය 34%ට ආසන්න වීම හේතුවෙන් නිරන්තරයෙන්ම තැන්පතුවල වටිනාකම 20%කින් පමණ අවප්‍රමාණය වීම සිදුවනවා.
අද (24) අලුයම සිට ඉන්ධන මිල ද වශයෙන් ඉහල දැමීමත් සමඟ යළිත් වටයකින් උද්ධමනය ඉතා ඉහල මට්ටමකට ගමන් කරනු ඇති.
ඒ අනුව ආසන්න වශයෙන් මීට 10 කට පමණ පෙර රුපියල් සියයකට හිමිවූ වටිනාකම අද වන විට රුපියල් 1100 ක මුදලකට පවා හිමි නොවන තැනකට රුපියලේ අගය පහළ වැටී තිබෙනවා.
මීට ඩොලරයේ අගය ඉහළ යාමෙන් ඇති වූ බලපෑම ද ඇතුළත්.
More Stories
රනිල් රට ව්‍යසනයකට ගෙනියනවා : මුදල් ඇමති කම ෆේල් : පොහොට්ටු ඇමති ධම්මික අගමැති රනිල්ට ඉවත්වන ලෙස දැනුම්දෙයි : ඔස්තාර්ලා සමඟ විවාදයකට එන්නැයි අභියෝග කරයි
ඔබතුමාව අයින් කරන්න යන්නේ කියල මමත් දන්නවා : මාස හයෙන් රට හදන්න බෑ – හැරෙන තැපෑලෙන් අනුර අගමැතිට උත්තර දෙයි
ගෑස් නැවට බාල ගිරි ගොඩ වෙයි