ආශු මාරසිංහගේ Global Skills Development Academy ය ජපානයට වීසා ලබා දෙන මුවාවෙන් සිදුකොට බරපතළ වංචාවක් සිදු කර ඇති වංචාව රුපියල් බිලියන 2 කට ආසන්න බවට මේ වන විට රාවයක් පැතිර යනවා.
විදේශ ගත කරන බව පවසා ඔවුන් විසින් අය කරගෙන ඇති මුදල පිළිබඳ සංඛ්‍යා දත්ත කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රසිද්ධ වෙමින් තිබෙනවා.
ඒ අනුව,
සාත්තු සේවක 866 ගෙන් – එක් අයෙකුගෙන් ලක්ෂ 1.5
ආහාර සේවා කර්මාන්තය 660 ගෙන් – එක් අයෙකුගෙන ලක්ෂ 2
තොරතුරු තාක්ෂණ -15 දෙනෙක් ගෙන් – එක් අයෙකුගෙන් ලක්ෂ 3
කෘෂි අංශය 44 දෙනෙක් ගෙන් – එක් අයෙකුගෙන ලක්ෂ 2 බැගින් අය කර ගෙන ඇති බව සඳහන්.
මේ වන විට ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පවත්වා ආශු මාරසිංහ ට බරපතළ චෝදනා රැසක් එල්ල කළ ඔහුගේ අනියම් බිරිඳ සහ අදාළ ආයතනයේ ව්‍යාපාරික හවුල්කාරියද වූ ආදර්ශා කරදන මේ වන විට රටින් පැනගොස් ඇති බවද දැනගන්නට තිබෙනවා.
ආශු මාරසිංහ විසින් ඉහත Global Skills Development Academyය හරහා ජපන් යවන බව පවසා 1580 දෙනෙකුගෙන් මුදල් ලබා ගෙන ඇති බවත්, මේ දක්වා එකදු පුද්ගලයෙකුවත් ජපානයට යවා නොමැති බවත් පැවසෙනවා.
අදාළ අනුකූලතා විභාග සමත් වීමට අයදුම්කරුවන් අසමත් වී ඇති බව සහ වෙනත් අභූත හේතු කාරණා ඉදිරිපත් කරමින් ඔවුන් මෙම වංචාව සිදුකර ඇති බවට මේ වන විට චෝදනා එල්ලවී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට