Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආරක්ෂක නිලධාරීන්ට කොවිඩ් තිබුණත් දළදා වහන්සේගේ තේවාවට බාධාවක් නෑ – දළදා මාලිගාවෙන් විශේෂ නිවේදනයක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරින් පිරිසකට කොවිඩ් අසාදනය වී ඇති බව තහවුරු වී ඇති නමුත් දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු වලට ඉන් කිසිදු බලපෑමක් නැතයි දළදා මාලිගාව නිවේදනය කරනවා.

ඒ අනුව අසාදිත පොලිස් නිලධාරීන්ගේ ආශ්‍රිතයින් ද මේ වන විට හදුනාගෙන ඇති බවත් ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර ඇති බවත් එහි සඳහන්.

එමෙන්ම මාලිගාවේ ආරක්ෂාව සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරින් අනුයුක්ත කිරීමට කටයුතු යොදා ඇති බවයිතිබෙන බවද එහි දැක්වෙනවා.

එමෙන්ම දළදා වහන්සේගේ තේවා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවත් මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන්ගේ උපදෙස් දළදා මාලිගාවේ සියලු කටයුතු සිදු කරන බවත් එම නිවේදනයෙහි සඳහන්.

බැතිමතුන් වෙනුවෙන් අනුගමනය කළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ද ඒ අයුරින්ම ක්‍රියාත්මක කර ඇති බවද එහි වැඩිදුරත් දක්වා තිබෙනවා.

එම නිවේදනය පහතින්..

About The Author