2022 අගෝස්තු 15

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආනයන සීමාව වචනයට විතරද? ගිය වසරේ ඩොලර් බිලියන 15ක භාණ්ඩ ආනයනය කරලා

දේශීය නිෂ්පාදකයන් ශක්තිමත් කිරීම සඳහා බව පවසමින් ආනයන සීමා කිරීමට රජය පියවර ගත් බව පැවසුවද ගෙවුණු වසරේදී පමණක් මෙරටට විදේශයන්ගෙන් ඩොලර් කෝටි 1500 ක භාණ්ඩ ආනයනය කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

නමුත්න ඉකුත් වසරේ අපනයන හරහා උපයා ගෙන තිබෙන්නේ ඩොලර් කෝටි 1100ක අදායමක් පමණයි.

ඒ අනුව පසුගිය වසරේ ආනයන සහ අපනයන අතර පරතරය ඩොලර් කෝටි 400ක්.

ම්මහ බැංකුව පුරෝකථනය කරන්නේ මේ වසරේ මැද භාගය වනවිට සංචාරක කර්මාන්තය නැගිටීමත් සමග විදේශ ප්‍රේෂණ වල ගලා ඒම යථා තත්ත්වයට පත්වීම සමග මෙම තත්වයට විසදුමක් ලැබෙනු ඇති බවයි.

එතෙක් සංචිතවලට ඇති පීඩනය ඒ ආකාරයෙන් පවතිනු ඇති බවද මුදල් අමාත්‍යංශයේ අදහසයි.

© මුලාශ්‍රය – LankaCnews