Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව, විපක්ෂය නිර්දය ලෙස මර්ධනය කරන්න හදනවා – වහා පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි

තම දේශපාලන විරුද්ධ වාදීන් මර්ධනය කර දැමීම සඳහා ආණ්ඩුව සුදානම් වෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂ දේශපාලන නායකයින්ගේ ප්‍රජා අයිතිය පවා අහිමි කරමින් බියගුළු දේශපාලනයක යෙදීමට ආණ්ඩුව සුදානම් වන්නේ නම් එයට එරෙහිව විපක්ෂය ලෙස සටන් කරන බවයි.

විපක්ෂනායකවරයා මේ අදහස් පල කළේ දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී පාර්ලිමේන්තුව කැඳවන මුල් දිනයේම අදාළ ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳ විවාදයක් පැවැත්විය යුතු බවද ඔහු සඳහන් කළා.

සිතාමතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රමාද කරමින් ආණ්ඩුව කටයුතු කිරීම පිටුපස විශාල අර්බුධයක් ඇති විය හැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ ආණ්ඩු ආණ්ඩුව තුලම සිටින අභ්‍යන්තර සතුරන් සේම ඉන් පිටත සිටින දේශපාලන විරුද්ධවාදින්ද මර්ධනය කිරීම සඳහා නිර්දය ලෙස කටයුතු කරමින් සිටින බවයි.

රවුෆ් හකීම් මහතා ද මෙම මාධ්‍ය හමුවට එක වූ අතර ඔහු සඳහන් කළේ ආණ්ඩුවේ මෙම උත්සාහය පාර්ලිමේන්තුවේදී පරාජය කර දැමීම සඳහා සියලු බලවේග එක වී කටයුතු කරන බවයි.