වැව් 1000 ක් පිළිසකර කිරීම සඳහා ආණ්ඩුව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
“වාරි සෞභාග්‍යා” ලෙස නම් කර ඇති මෙම වැඩසටහන සඳහා ලංකාවම ආවරණය කරමින් වැව් තෝරාගෙන ඇති බවයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වාරි ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වයක් ලබා දී ඇති බවත් ඒ මගින් ජනතාවට අවශ්‍ය පානීය ජලය වගේම කෘෂි කාර්මික කටයුතු වලට අවශ්‍ය ජලය ලබාදීම අරමුණ වී ඇති බවත් පවසන ජයරත්න මහතා එළඹෙන පෙබරවාරි 05 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය අතර තුර “වාරි සෞභාග්‍යා” නමින් සතියක් නම් කිරීමට කටයුතු කර ඇති බවද සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි