කෝවිඩ් මළ සිරුරු භූමදානයට එරෙහිව භික්ෂු කණ්ඩායම්කිහිපයක් එක්ව අද දින විරෝධතා පාගමනක යෙදුනා.
එහිදී පොලිස් බාධාකිරීම් ද නොසලකා පා ගමනින් ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිටට වැඩම වූ ඔවුන්ගේ ඉල්ලීම වූයේ නීතිය සැමට එක ලෙසින් ක්‍රියාත්මක කරන ලෙසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගැසට් පත්‍රයක් මගින් බලාත්මක කළ සෞඛ්‍ය මාර්ගෝපදේශට අනුව සියලු මල සිරුරු භූමදානය කරන ලෙසත් සියලුම ජනවර්ගයන්ට එම සමානව රටේ නීතීය ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් රජයෙන් ඉල්ලා සිටියා.
“අපිට විශාල සැකයක් තිබෙනවා වෛරසයක් ආසාදනය වෙච්ච මළ සිරුරක් පුච්ච ගන්න බැරි ආණ්ඩුව මද්‍රසා පාසල්, ශරියා නීතිය, මුස්ලිම් ළමා විවාහ නීති වෙනස් කරයිද කියලා” යැයි එහිදී මාධ්‍ය අමතමින් මාගල්කන්දේ සුදත්ත හිමි පැවසුවා.
මෙහිදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් පූජ්‍ය මැඩිල්ලේ පඥාලෝක හිමියන් ප්‍රකාශ කර සිටියේ සහරාන් පන්නයේ පිරිසක් විසින් කොරෝනා වෛරසය ජලමූලාශ්‍ර වලට එක් කර ත්‍රස්ත ක්‍රියාවක් සිදු කළහොත් එහි වගකීම භාර ගනු ලබන්නේ කවුරුන්දැයි යන ප්‍රකාශ කළ යුතු බවයි.
“එක රටක් එක නීතියක් කියලා මේ රටේ ජනතාවගේ ජන වරම ගත්තා නම් ජන වරමට අනුව රට පාලනය කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ මහා සංඝ රත්නය මේ පාරට බැහීම ගැනම ජනාධිපතිවරයා ලැජ්ජාවට පත් වෙන්නෝන. මොකද මේ ආණ්ඩුව බලයට ගෙන්න නඩු කාපු හාමුදුරුවරු අද මේ ස්ථානයේ ඉන්නේ” යැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසන ලදි.
එහිදී ඔවුන් ඊට අදාළව තොරතුරු ඇතුළත් සංදේශයක්, ඒ මොහොතේ වෙනත් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට භාරදීමට කටයුතු කර සිටියා.
මෙම විරෝධතාව සඳහා ජාතික සංවිධාන සම්මේලනය, සිංහල රාවය, ජාතික සංවිධාන එකමුතුව, සිංහලේ අපි, සිංහලේ හා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සිටි බව වාර්තා වනවා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ජනපතිවරණයට පෙර මහමැතිවරණයට වැඩි ඉඩක් – විධායකයේ සමාව අයැදීම අධිකරණයේ ස්ථාවරය සමඟ ගැටීමක
වසර දෙකට රනිල් ගහපු ගේම මෙන්න – පනත් 90ක් සම්මත කරගෙන
සමගි ජන බලවේගයේ සභාපති ධුරයට ඉම්ටියාස් !