Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව පඹ ගාලක – කැබිනට්ටුවේ වෙන දේ ඇමතිවරු දන්නේ නෑ , ඇමතිවරු නොදන්න දේ අබ්දුල් රාසික් දන්නවා ??

මේ වන විට කොරෝනා මල සිරුරු සමබන්ධයෙන් වන මාතෘකාව ආණ්ඩුව තුලම අර්බුධයක් නිර්මාණය කිරීමට සමත්ව තිබෙනවා.

මළසිරුරු භූමදානයට කැබිනට් අනුමැතිය හිමිවුණා – ඇමති චමල් රාජපක්ෂ

මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු දිවයිනේ තෝරාගත් ප්‍රදේශයකදී මිහිදන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ඇමති චමල් රාජපක්ෂ සදහන් කරනවා.

කිසිම අනුමැතියක් හිමි වුණේ නෑ, අධිකරණ ඇමති කරපු දෙයක් නිසා ආන්දෝලනයක් ඇති වෙලා – ඇමති විමල් වීරවංශ

මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු මිහිදන් කිරීම සම්බන්ධයෙන් කිසිදු අනුමැතියක් කැබිනට් මණ්ඩලයේදී හිමි නොවූ බවත් ,අධිකරණ ඇමති අලි සබ්රි විසින් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් සමාජයේ කැළඹීමක් ඇතිවූ බවත් ඇමති විමල් වීරවංශ පවසනවා.

ජනධිපති එහෙම අනුමැතියක් දීල නෑ – තෞහිඩ් ජමාත් සංවිධානය බොරු ලිපියක් දාලා එකට විරුද්ධව මම පොලිස් පැමිණිල්ලක් දැම්මා – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත

කොරෝනා සිරුරු මිහිදන් කිරීමක් පිළිබද කිසිදු අවසරයක් ජනාධිපතිවරයා විසින් ලබා දී නොමැති බවත් තෞහිඩ් ජමාත් සංවිධානය විසින් පදනම් විරහිතව සකස් කල ලිපියක් හේතුවෙන් අර්බුධයක් නිර්මය වූ බවත් පවසන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේමනාත් සි දොලවත්ත පවසන්නේ මුස්ලිම් දේහයන් මිහිදන් කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළ කරමින් තෞහිඩ් ජමාත් සංවිධානයයොමු කර ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා තමන් පොලිස් පැමිණිල්ලක් ගොනු කළබවයි.

මේ වන විට ආණ්ආඩුවේ කැබිනට්ණ්ඩු තීරණ වල විශ්වසනීයත්වය සම්බධයෙන් බරපතල සැකයක් මතුව තිබෙන්නේ මෙලෙස මතුවන පරස්පර මතවාද හේතුවෙන්,

මීට පෙර මහින්ද අමරවීර මහතා ද අදාල මිහිදන් කිරීම් සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සදහන් කළා.

කෙසේ වෙතත් මේ පිළිබද අදහස් දක්වූ ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ ආණ්ඩුව රටේ ප්‍රශ්න ගැන අමතක කිරීම සදහා සිත මතා ඕනෑ කමින් මෙලෙස මාතෘකා නිර්මාණය කරන බවයි.

නමුත් මෙම කරන පිටු පස ඇති මතවාද සියුම් ලෙස අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ ආණ්ඩුව තුළ මෙම මාතෘකාව අරභයා බරපතල දෙකඩ වීමක් නිර්මාණය වී ඇති බවයි.

About The Author