වර්තමානයේ රට පාලනය කරන්නේ “ගැසට් ආණ්ඩුවක්” බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
ඔහු පවසන්නේ එක වසරකට යල සහ මහ ලෙස කන්න දෙකකට වී වගා කරන රටේ, ආණ්ඩුව හාල් මිළ සම්බන්ධයෙන් ගැසට් පහක් ගැසීමට තරම් අසමත් වී ඇති බවයි.
පොල් වලට, වැලි වලට , සීනි වලට ආදී වශයෙන් පෝලිමට ගැසට් ගැසූ ආණ්ඩුව සීනි ගැසට්ටුව හරහා රුපියල් මිලියන 1000කට අධික බදු වංචාවක් සඳහා මැදිහත්ව ඇති බවද සදහන් කළා.
එබැවින් ගැසට් හරහා සිදුව ඇති වංචා,දුෂණ අක්‍රමිකතා පිළිබඳ කරුණු සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස රජයට අභියෝග කරන බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ අද මහනුවර පැවති එක්සත් ජාතික පක්ෂ අනුබද්ධ සංවිධාන නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්,විශ්‍රාමික පොලිස් නිලධාරීන් සහ නීතිවේදීන් අතර පැවති හමුවකින් අනතුරව මාධ්‍යයට අදහස් දක්වමින්.
මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් වුණා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක