සති තුනකට රට වහන්න – අවිශ්වාසය සමග රටේ ආර්ථිකය කඩා වැටෙනවා යැයි පවසා ජනපතිට අනතුරු අඟවයි
කොරෝනා මරණ සහ ආසාදිතයන්ගේ සංඛ්‍යා ලේඛන සඟවමින් මෙවැනි තීරණාත්මක අවස්ථාවක කටයුතු කිරීම විහිළුවක් බව ආණ්ඩුවම නියෝජනය කරන පක්ෂ නායකයින් දස දෙනෙකුගේ අත්සනින් සිය අත්සන යොදමින් විශේෂ ලිපියක් මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා.
ඔවුන් පවසන්නේ කරුණු විකෘති කිරීමේ තත්වයන් ඔවුන් ද තහවුරු කරගත් බවයි.
මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය ආරක්ෂා කර ගැනීම සියලු කිරීම අනිවාර්ය බවයි ඔවුන් අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබෙන්නේ.
කොරෝනා අභියෝගය ජය ගැනීම සඳහා සර්ව පාක්ෂික විශේෂඥ මණ්ඩලයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද ඔවුන් මතු කර තිබෙනවා.
රට අගුළු නොදමා ආර්ථිකය පවත්වා ගෙන යෑමට උත්සාහ දැරීම අසාර්ථක එකක් බවත් ඉන් කිසිදු අවස්ථාවක ආර්ථිකයක් ගොඩ ගත නොහැකි බවත් පෙන්වා දෙන ආණ්ඩුවේම පක්ෂ නායකයින් සඳහන් කරන්නේ ජනතාව තුළ විශ්වාසයක් ඇති වන අයුරින් රෝග පාලනය සඳහා රජය මැදිහත් විය යුතු බවයි.
ඒ වෙනුවෙන් සති තුනක කාලයක් රට වසා දැමිය යුතු බවයි එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට