Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවේ මැති ඇමතිවරු විවෘත කළ ද. ආසියාවේ ලොකුම මස් ෆැක්ටරියට මහා සංඝරත්නයේ විරෝධය – බෞද්ධ රටේ ඒවාට ඉඩ නෑ කියයි

දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්ත ශාලාව පසුගියදා විවෘත කරනු ලැබුවේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත් මේ වන විට එම කර්මාන්ත ශාලාව මෙරට විවෘත කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

අද රාජගිරිය පාර්ලිමේන්තු පාරේ ශ්‍රි ජයවර්ධනපුර ජයසේකරාරාම විහාස්ථානයේ දි සත්ව හිංසන විරෝ­­­­­­­­­ධි සංවිධාන, බෞද්ධ සංවිධාන එකතුව පවත්වන ලද  මාධ්‍ය හමුවේ දි ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

එයට සහභාගී වූ මහා සංඝරත්නය අවධාරණය කළේ කිසි විටක එම කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නට මෙරට මහ සංඝරත්නය කිසි විටකත් ඉඩ නොදෙන බවයි.

රුපියල් බිලියන 1.5 ක ආයෝජනයක් සහිත දේශීය ව්‍යාපාරිකයෙකුට අයත් බව පැවසෙන මෙම කර්මාන්තශාලාව පිහිටුවා ඇත්තේ මස් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපල අවශ්‍යතාවයෙන් 10% ක් සපුරාලීම අරමුණු කරගෙනයි.

ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්

“අපේ පාලකයන් නිදහසෙන් පස්සේ වසර 72ක් ම රට අප කිර්තියට පත් කළ බවයි. ඒ ලෝකයේ වැඩිම මත්ද්‍රව්‍ය භවිතා කරන රටක් වශයෙන් ද, අඩු මුදලට කාන්තාවන් ඇග විකුණ රටක් වශයන් ද?, ලෝකයේ විෂ එළවළු වගාකරන හා එවා පරිභෝජනය කරන රටක් වශයෙන් ද, වර්තා තබා ඇත. එම වාර්තාවට තවත් වර්තාවක් තබන්න අද මෙම සිංහල බෞද්ධ ආණ්ඩුව සුදානම් වෙමින් ඇත. පසුගිය සදුදා දකුණු ආසියාවේ මාංශ  කර්මාන්තය ආරම්භ කරමින්ය. ඒ දකුණ ආසියාවටම මාස් අනුභයෙන් 10%ක් සපයන්ටය. කවුද මෙවැනි කර්මාන්තයක් ආරම්භ කරන්න අවසර දුන්නේ. මේ සම්බන්ධයෙන් පරිසර වාර්තාවක් ගත්ත ද? මේ මගින් සිදු කරන සදාචාර හානිය හා ජාත්‍යන්තර අපකිර්තිය ගැන සැකිල්ලට ගත්තද ? මෙම මාංශ කර්මාන්තයට අදාල සතුන් සපයා ගන්නේ කෙසේද? සතුන් ඝාතනය කරන්නේ කෙසේද? මෙවැනි ක්‍රියාවලියෙන් සිංහල බෞද්ධයන්ගේ මනදොල සපිරෙන්නේ ද? “යන්න ප්‍රශ්න කර සිටිහ.

ආණ්ඩු ක්‍රම ව්‍යවසථාවේ 9 වන වගන්තියෙන් සදහන් වන්නේ බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දෙන බවත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කරන බවත්, ප්‍රවර්ධනය කරන බවත්ය. අද එය වචනවලට සිමාවේලා ඇති බව  උන් වහන්සේ පෙන්වා දුන්නේය.

මෙම ආණ්ඩුව මීට මාස 03කට කලින් ශ්‍රි ලංකාවේ ඝව ඝාතනය තහනම් කිරිමට අගමැති තුමා යෝජනා කල බව මාධ්‍ය වර්තා විය. ඒ මගින් සිංහල බෞද්ධයන් පමණක් නොව සත්ව හිංසනයට අකමැති සියලු දෙනා ද හින්දු බැතිමතුන් ද මහත් සතුටට පත් විය. එම යෝජනව කැබිනට් මණ්ඩලයේ ද සම්මත වු බව වර්තා විමෙන් එම සතුට තව දුරටත් වැඩි විය. අප එම සතුට සමග ලංකාවේ තිබෙන පන්සල් දොලොස් දහසද අතුළු ආගමික ස්ථාන රැසක් එකතුව අත්සන් දසලක්ෂයක් අප එකතු කරමින් සිටියේ. අපට එය භාරදිමට නොහැකි වුයේ මෙම කොවිඩ් 19 වෛරසය නිසයි. ඉහත ගවඝාතන නතර කිරිමේ යෝජනව මාස කිපයකට අත හැර දමන බව පසුව වර්තා විය. අපිට ඇති ගැටළුව අගමැති තුමාගේ එම උතුංග යෝජනාවට කවුද විරුද්දව ක්‍රියා කළේ යන්නයි. අපි මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්  ඉන්නේ අගමැති තුමා සමගය.  එතුමා ගත් සත්ව හිංසන ප්‍රතිපත්තිය සමගයි.

අද සිටින මැති ඇමතිවරුන් නිතරම මහනුවර දළදා වහන්සේ වැද ආශිර්වාදය  ලබා ගන්න ද, අනුරාධපුර ජයශ්‍රිමහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න ද යනවා. මේ එන මැති ඇමැතිවරුන්ගෙන් සෘජුවම ප්‍රශ්න කරන්න ඕනැ. මෙම කර්මාන්තය ආරම්භ කිරිම සම්බන්ධයෙන්ද, ඔබ මාධ්‍ය ආයතනත්, මහනායක හිමිවරුන්ගෙන් අහන්න ඕනෑ ඔබ වහන්සේලා මෙවැනි කර්මාන්තයක් ආරම්භ කරන්නට අවසර  දුන්නාද? ජනාධිපති තුමාට මෙරට සිටින ප්‍රබුද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සැදුම් ලත් බෞද්ධ උපදේශක සභාවක් තියනවා.ඒ අයත් මේ ගැන වගකිමක් දරන්න ඕනෑ.යයි උන් වහන්සේ කරුණ පැහැදිලි කරන ලදි.

ආචාර්ය පුජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමියන්

මෙම මාධ්‍ය හමුවට සහභාගි වු ආචාර්ය පුජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමියන් කියා සිටියේ මෙම සිදු වීම මගින් රටට ශාපයක් විය හැකි බවයි.

නේපාල රටේ පුජාවක් සදහා ගවයන් දෙලක්ෂ පනස්දහසක් මරණ ලදි.මාසයක් ගිය පසුව රටට දුර්භික්ෂයක් ඇති විය. භුමිකම්පනයක් ඇති විය. ඇෆ්ගන්ස්ථානයේ බුදු පිළිම විනාශ කරන ලදි. ඒ රටට මොකද වුනේ යන්න විමසා සිටිහ. එම නිසා මෙවැනි ක්‍රියාවල අතුරු ප්‍රතිපල ඇති බත් කියා සිටිය. එම නිසා සමස්ථ අමරපුර නිකායේම විරෝධය හා  පිළිකුල ප්‍රකාශ කරන ලෙස තමන්ට මහනායක හිමියන්  දැනුම් දුන් බව කියා සිටිහ.

පුජ්‍ය රජවත්තේ වප්ප නාහිමියන්

මාධ්‍ය හමුවට එක් වූ රජවත්තේ වප්ප හිමියන් පලකලේ මෙවැන්නක්,

මෙම ආණ්ඩුව පත් වුනේ සිංහල බෞද්ධයන්ගෙන්ය.එය ජනාධිපතිවරණය දි ද මහමැතිවරණය දි පෙනි ගිය කරුණකි. ජන්දයට පෙර කියා සිටියේ බුදු දහම පදනම් කරගත් රටක් ගොඩ නගන බවයි. ඒ උතුම් අරමුණ වෙනුවෙන් මෙරට ජනතාව ජන්දය ලබා දි ඇත. එහෙත් දැන් ඊට හත්පසින්ම විරුද්ධ අපරාධ සිදු වෙන බවත්,දුරාචාර සිදු වෙන බවත් සදහන් කළේය. තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබෙන්නේ පංච ශිල ප්‍රතිපත්තිය රකින රටකටය. දෙවියන්ගේ රැකවරණය ද ලැබෙන්නේ එවැනි පාලකයන්ටය. එම නිසා මෙම සිදු කරන දකුණු ආසියාවේ මාංශ කර්මාන්තය නතර කරන තුරු අපි මහ සංඝරත්නයත්, බෞද්ධ සත්ව හිංසනයට විරෝධි සංවිධාන සමග ඉදිරියට එමින්, මේ බෞද්ධ රට  බේර ගන්න දිවි හිමියෙන් අපි  ක්‍රියා කරන බව උන් වහන්සේ කියා  සිටියහ.

මෙම මාධ්‍ය හමුව කැදවා තිබුනේ ජාතික විද්වත් සංඝ සභාව විසිනි.

ඒ සදහා   රාමඤ්ඤ මහා නිකායේ දක්ෂින ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පුජ්‍ය  ඕමල්පේ සෝභිත නාහිමි, සමස්ථ අමරපුර මහා නිකායේ ලේකාධිකාරි ආචාර්ය පුජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනාහිමි, ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප අනුනාහිමි, ශාස්ත්‍රපති පුජ්‍ය පස්සරමුල්ල දයාවංස හිමි, පුජ්‍ය මතුරට ධම්මරතන හිමි, පුජ්‍ය මතුරට ධම්මාලංකාර හිමි, පුජ්‍ය ධම්මික හිමි ඇතුළු මහ සංඝරත්නය ද, ජනාධිපති නීතිඥ මැද්දවල , පෝෂණවේදි විශාකා, සංගීතවේදී දයාන් විතාරණ ඇතුළු මහත්ම මහත්මීන් මෙන්ම සත්ව හිංසන විරෝධි සංවිධානවල නියෝජිතයන්  රැසක් ද සහභාගී වී සිටියහ.