පොල්ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල තීරණය කිරීමට අදාළව ඉකුත්නි සැප්කුතැම්ත්බර් 26 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය, ජීවන වියදම් කමිටුවට යෝජනා කර ඇති බව වාර්තවනවා.
එයට හේතුව වී තිබෙන්නේ මේ වන විට අදාළ වළලු යොදා වටප්‍රමාණය මැන පොල් අළෙවි කිරීමේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ ඉල්ලුමට සරිලන ලෙස පොල් වෙළඳපොළ තුළ මිලදී ගැනීමට නොමැති වීමයි.
කිලෝ ගාණටත් පොල් විකිණෙයි
වළලු අනුව මිල තීරණය කෙසේ වෙතත් මේ වන විට වෙළඳපොළ තුළ බර අනුව පොල් අළෙවිකිරීමට ඇතැම් වෙළදුන් කටයුතු කරන බව අප වෙත වාර්තා වුණා.
එහිදී පොල් කිලෝවක් රුපියල් 120 – 140 අතර මිලකට අළෙවි වන බව සඳහන්.
ඉහත තත්වයන් සැළකිල්ලට ගෙන අදාළ පොල් මිල ගැසට්ටුව අත්හිටුවීමට යෝජනා කර තිබෙනවා.
කෙසේ වෙතත් පාරිභෝගිකයන් පවසන්නේ කිසිදු අවස්ථාවක් ආණ්ඩුවේ නියම කළ වට ප්‍රමාණය අනුව පොල් මිලදී ගැනීමට තමන්ට අවස්ථාව නොලැබුණු බවයි.


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්