පසුගියදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍යවේදී මංජුල බස්නායක මහතා ඉලක්ක කර ගනිමින් ප්‍රකාශයක් සිදු කිරීම සහ අදාළ මාධ්‍යවේදියා ප්‍රකාශයක් සටහන් කරගැනීමට බව පවසා එළඹෙන සදුදා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
මැයි 09 වනදා ඇතිවූ කළහාකාරී තත්ත්වය අතරතුර නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙසට මංජුල බස්නායක මහතා ට්විටර් පණිවුඩයක් ප්‍රකාශයට පත් කර තිබු අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙනවා.
අමරකීර්ති අතුකෝරළ මහතාගේ දේහය ගිනි තැබුවේ නම් ඒ පිළිබදව සත්‍ය හෙළිකරගැනීමට නොහැකි විය හැකිව තිබූ බවත් පාර්ලිමේන්තුව අමතමින් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් අදාළ ප්‍රකශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් මහතා පැවසුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙය එක් මාධ්‍යවේදියෙකු ඉලක්ක කරගනිමින් සිදුකළ වැරදි සහගත ප්‍රකාශයක් බවයි.
අතුකෝරළ මහතාගේ මරණය සැලවූ පළමු අවස්ථාවේදී මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍යද වාර්තා කර තිබුණේ එය ඔහුගේ පිස්තෝලයෙන්ම වෙඩිතබාගෙන සිදු කරගත් සියදිවි නසාගැනීමක් බවයි.
තත්ත්වය එසේ තිබියදීත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා මංජුල බස්නායක මහතා ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශය තමන් තරයේ හෙළා දකින බව රාසමානික්කම් මහතා සඳහන් කළා.
මේ හේතුවෙන් බස්නායක මහතාගේ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර පසුගිය 09 වෙනිදා මයිනා ගෝ ගමදී අබාධිත පිරිස් වලට පහර දෙන රාජපක්ෂ හිතවාදී රගර් ක්‍රීඩකයෙකු පිළිබඳ මංජුල බස්නායක මහතා කරුණු හෙළිකර තිබුණා.

More Stories
රනිල් රට ව්‍යසනයකට ගෙනියනවා : මුදල් ඇමති කම ෆේල් : පොහොට්ටු ඇමති ධම්මික අගමැති රනිල්ට ඉවත්වන ලෙස දැනුම්දෙයි : ඔස්තාර්ලා සමඟ විවාදයකට එන්නැයි අභියෝග කරයි
ඔබතුමාව අයින් කරන්න යන්නේ කියල මමත් දන්නවා : මාස හයෙන් රට හදන්න බෑ – හැරෙන තැපෑලෙන් අනුර අගමැතිට උත්තර දෙයි
ගෑස් නැවට බාල ගිරි ගොඩ වෙයි