Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආචාර ධර්ම විසිකර , තම සේවකයන් මීයන් බවට පත්කළ ITN පැණි බෙදිල්ල

තම සේවකයන් පර්යේෂණාගාර මීයන් බවට පත් කරමින් රටේ ජනතාව ද රවටා දමන තැනට වත්මන් පාලනාධිකාරිය විසින් ස්වාධීන රුපවාහිනී සේවය පත් කර ඇති බවට එහි සේවකයින් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ජනතා බදු මුදලින්ම නඩත්තු වෙමින් තම සේවකයින් උපකාරී කරගෙන ඔවුන්ගේ ජීවිතද බිල්ලට තබා රටේ බහුතර ජනතාව දේශපාලන උවමනාවන් වෙනුවෙන් මුලා කිරීම ජාතික අපරාධයක් බවයි.

මෙයට හේතුව වී තිබෙන්නේ කොරෝනා සදහා දේශීයව ඖෂධයක් නිපද වූ බව පවසන රිටිගල දේවින්ද ලක්සිරි නැමති පුද්ගලයෙකු විසින් නිපදවූ පැණියක් ස්වාධීන රුපවාහිනී සේවයේ කාර්යයේ නියුතු සේවකයින් වෙත ලබා දීමේ සිදු වීමයි.

බොරුවෙන් රටම මුලා කරයි.

එම පුද්ගලයා රිටිගල රාවණා පරපුරේ සාමාජිකයෙකු බවත් , ඔහු සතු පුරාණ රන්පත් වල ඇති ඖෂධ වට්ටෝරු ඇසුරින් කොරෝනා මර්ධන හෙළ ඔසුවක් නිර්මාණය කර ඇති බව අදාළ මාධ්‍ය ආයතනය විසින් වාර්තා කරන්නේ සියලු කරුණු ඔවුන් විසින්ම 100% තහවුරු කරගත් ආකාරයටයි.

රාවණා යනු පුරාවෘත්තයක් පමණක් වන අතර රිටිගල ආශ්‍රිතව රාවණා යුගයට අයත් කිසිදු පිළිගත් පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හමුවී නැහැ.

එමෙන්ම විවිධ පුද්ගලයින් රාවණා කතාව ජීවත් වීමේ මාර්ගයක් බවට පත් කරගෙන ඇති අතර රාවණාගේ අක්කා, මල්ලී ලෙස තමන් හදුන්වාදෙන ලද පුද්ගලයන්ද සමාජයෙන් විටින් විට මතුවනු දක්ක්නට ලැබුණා.

මෙම පුද්ගලයා මෙතෙක් තමන් රාවණ පෙළපතට අයත් බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු ද නොවෙයි.

එවන් වට පිටාවක කිසිදු පිළිගත් වෛද්‍ය පරීක්ෂණයකට ලක් නොකළ ඖෂධයක් මාධ්‍ය ආයතනයක් හරහා ප්‍රචලිත කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මාධ්‍ය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.

අසරණ බව බිල්ලට අරන්

මෙහි ඇති ඛේදනීයම තත්වය වන්නේ ජීවිතය සහ මරණය අතර ඉරණම පිලිබඳ ඉතා සංවේදී තත්වයකට සියලු ලෝ වැසියන් මුණ පා සිටියදී මිනිසුන්ගේ අසරණ බව තුල ඔවුන්ගේ ජීවිත තව දුරටත් අනතුරේ හෙළන තැනට රජයේ මාධ්‍ය ආයතනයක් කටයුතු කිරීමයි.

දියේ ගිලෙන මිනිසා තුත්තිරි ගසේද එල්ලී දිවි බේරා ගන්නට කටයුතු කරන බවට කතාවක් ඇත.මේ අවාසනාවන්ත රෝගයෙන් බේරීම සදහා ද මිනිසුන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සුදානම්ය.

එම අසරණකම නිසාම කොරෝනා සඳහා ප්‍රතිකාර යයි කියා විවිධ ද්‍රව්‍ය පානය කල මිනිසුන් දහස් ගණනක් මේ වන විටත් මියගොස් තිබේ.

ලොව පුරා වාර්තා වන එවැනි සිදුවීම් කියාපාන්නේ මිනිසුන්ගේ අසරණ කමයි.

හෙළ වෙදකමට අගෞරව

ලංකවේ ස්වදේශික ජනතාව සතු සන්නිවේදන අන්තර්ඥාණය සුවිශේෂී වුවකි.

ජන වෙදකම ඒ තුල කැපී පෙනේ.

අතීත සාධක රැසක් මෙරට ජනතාව සතු වෙදහෙද කමෙහි මහිමය ගැන කතා කරයි.

නමුත් අද සිදුව තිබෙන්නේ එම සියලු වටිනා කම් විහිළුවක් බවට පත් කිරීමයි.

එක අතකට එය මේ රට තුල ඇති මහා සංස්කෘතික උරුමයන් සහ දැනුම් පද්ධතිය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක් විය හැක.

මාධ්‍ය ආචාර ධර්ම බල්ලට දාලා

ලොව කිසිදු මාධ්‍ය ආයතනයක් පිළිගත් පරීක්ෂණ මගින් තහවුරු කර නොගත් ඖෂධ වර්ග ප්‍රචලිත කිරීම නොකරන අතර ඇතැම් මාධ්‍ය ආයතන ජෝතිෂ්‍ය වැනි විද්‍යාත්මකව තහවුරු කර ගත නොහැකි වැඩසටහන් අන්තර්ගතයන් විකාශය කිරීමෙන්ද වැළකී සිටිනවා.

ශ්‍රී ලංකාවේද රුපවාහිනී මාධ්‍ය කලාව ආරම්භ කරන ලද මුල් කාල වකවානුවේදී මෙවැනි ආචාර ධර්ම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා.

විශේෂයෙන්ම රුපවාහිනී වෙළඳ දැන්වීම් පවා නියාමනය කිරීමේ ක්‍රමවේදයන් පැවතුනා.

නමුත් සිදුව ඇත්තේ සමාජය තව දුරටත් දියුණුවට පත්වන විට මෙරට මාධ්‍ය සමාජය තව දුරටත් ගෝත්‍රික වීම පමණයි.

සේවක විරෝධය

මේ වන විට ස්වාධීන රුපවාහිනි පාලනාධිකාරිය විසින් සිදුකළ මෙම ක්‍රියාවට ආයතනයේ සේවකයන්ගේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ විරෝධය එල්ලවී තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තම ආයතනයේ සේවකයින් බිලි දෙමින්, මාධ්‍ය සංදර්ශන ද පවත්වමින් රටේ ජනතාව මුලා කිරීමට කිසිදු කණ්ඩායමකට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

තම සේවකයින්ගේ අසරණ බව තුල ඔවුන් පර්යේෂණාගාර මීයන් බවට පත් කල ස්වාධීන රුපවාහිනී පැණි බෙදිල්ලේ වීඩියෝව..