රටට අවශ්‍ය සමස්ත විදුලි අවශ්‍යතාවය ඉක්මවා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් මේ වන විට මෙරට විදුලියබල පදධතියට ඇති බව හිටපු විදුලිය බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එවන් වටපිටාවක් තුළ ඇතැම් පිරිස් විදුලිය ජාවාරමක් සඳහා සැලසුම් කරමින් සිටින බවයි.
පසුගිය සතියේ ඇති වූ විදුලිය බිඳ වැටීමේ සිදුවීමට පෙර ලංකා විදුලිය බලමණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් මාසයේ යොමුකළ ලිපියක් මගින් මෙරට විදුලිය පද්ධතියේ ඇති අසමතුලිතාවයක් පිළිබඳ කරුණු වාර්තා කර ඇති බවත්, රටට අවශ්‍ය සමස්ත විදුලි අවශ්‍යතාවය ඉක්මවා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාවක් මේ වන විට මෙරට විදුලියබල පද්ධතිය තුළ පවතින බව ද එම ලිපියේ තව දුරටත් ඇතුළත් වී තිබු බවත් රණවක මහතා පෙන්වා දී තිබෙනවා.
රට පුරා ව්‍යාප්තව ඇති සුර්ය පැනල පද්ධති මගින් සැලකිය යුතු මට්ටමක විදුලිය නිෂ්පාදනයක් සිදුකරන බවත් විදුලිය බල මණ්ඩලයේ ඇතැම් පිරිස් විෂය භාර අමාත්‍යවරයාද සම්බන්ධකර ගනිමින් මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය සඳහා සැපයුම්කරුවන්ට ගෙවන මුදල සීමා කර සුර්ය පැනල මගින් විදුලි නිෂ්පාදනය අධෛර්යයට පත් කිරීම සඳහා සැලසුම් සකසා ඇති බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට