පවතින වැසිබර කාළගුණය හේතුවෙන් ප්‍රධාන මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාළ බලධාරීන් හට උපදෙස් ලබාදී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මහජනතාවට තර්ජනයක් විය හැකි පාර දෙපස පවතින සෑම දෙයක්ම ඉවත් කරන ලෙස ආරක්ෂක අමාත්‍යවරයා විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවරධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට උපදෙස් ලබාදී තිබේ.
කොල්ලුපිටියේදී බස් රථයක් මතට අද (06) පෙරවරුවේ ගසක් කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා කනගාටුව ප්‍රකාශ කරමින් අදාළ නිලධාරීන් මෙලෙස දැනුවත් කර ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට