එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වීමට අර්ජුන රණතුංග මහතා තීරණය කර ඇති බව වාර්තාවනවා.
එක්සත් ජාතික පක්ෂය තුළ සිදු විය යුතු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනා කිසිවක් ඉටු නොවීම ඇතුළු කරුණු කිහිපයක් මෙම තීරණයට හේතුව වී ඇති බවයි වාර්තාවන්නේ.
පසුගියදා එක්සත් ජාතික පක්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් කරන ලද අතර එහිදී රණතුංග මහතා පක්ෂයේ ජේෂ්ඨ උපසභාපතිවරයෙකු ලෙස පත් කිරීමටද තීරණය වී තිබුණා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවති එක්සත් ජාතික පක්ෂ නව නිලධාරී මණ්ඩලයේ පත්වීම් ලිපි භාර ගැනීමේ උත්සවයටද අර්ජුන රණතුංග මහතා පැමිණ නැහැ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ, එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සහ සන්ධාන රැසක සාමාජිකත්වය දරා ඇති රණතුංග මහතා 2020 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ද ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික් නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරග කළා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි