2022 ඔක්තෝබර් 3

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි

තමන්ගේ සාමකාමි අරගල සිදු කිරීමට ගැටලුවක් නැති නමුත් ජනාධිපති මන්දිර, අරලිය ගහ මන්දිර අල්ලා ගැනීමට ආවොත් අතපය කඩා ගැනීමට සිදුවෙනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

“අරගලකරුවන්ට තමන්ගේ සාමකාමී අරගලය නම් කරගන්න තියෙන්නේ ඒකට ගැටලුවක් නෑ. තමන්ට ඕන විදිහට ඒ සාමකාමී අරගලය කර ගන්න පුළුවන්. චණ්ඩිපාට් දාන්න බෑ. අරලිය ගහ මන්දිරය අල්ලන්න, ජනාධිපති මන්දිරය අල්ලන්න, ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලන්න ආවොත් අතපය කඩා ගන්න වෙයි”

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මැයි මස 09 වෙනිදා මයිනාගෝ ගම සහ ගොටාගෝගම සාමකාමී විරෝධතාවයට පොහොට්ටුවේ මැරයින් සමග එක්ව අමානුෂික ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහු ඇප මත මුදාහරුනා.