පොදු ජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතන කිහිපයක ලබන වසර සඳහා වන අයවැය පරාජයට පත්වීමට හේතුව අදාළ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ පෞද්ගලික කි‍්‍රයාකලාපය බව එම පක්ෂයේ ලේකම්වරයා පවසනවා.
ඒ අනුව එලෙස අයවැය පරාජය කිරීමට සහය දුන් සිය පක්ෂයේ සභිකයින්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතීඥ සාගර කාරියවසම් සදහන් කළා. ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්, සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමේදී කොට්ඨාසයට අදාළ සභිකයින් සහභාගී කරවා නොගැනීම හේතුවෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතීඥ සාගර කාරියවසම් සදහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එවැනි ගැටළු පවතින්නේ නම් පක්ෂය දැනුවත් කරන ලෙසත්, එසේ නොමැතිව අයවැයට එරෙහිව ඡන්දය ලබානොදෙන ලෙසත් සිය පක්ෂයේ සියළුම පළාත් පාලන ආයතන සභිකයින් වෙත මීට පෙර ලිඛිත දැන්වීමක් කළ බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා මෙහිදී කියා සිටියේ.
එවැනි දැනුම්දීමක් කර තිබියදීත් එම තීරණය නොතකමින් කටයුතු කළ සභිකයින්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතීඥ සාගර කාරියවසම් පවසුවේ.
ඊට අමතරව සභිකයින් සමග ගැටළු ඇති කරගත් පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සම්බන්ධයෙන් ද සොයා බලා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට පක්ෂය තීරණය කර ඇති බව ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා කියා සිටියා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි ජාඇල ප‍්‍රාදේශීය සභාව, හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය සභාව, අම්පාර නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 05 ක අයවැය ඉකුත් දා පරාජයට පත් වුණා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි