අවුරුදු 12ක වයසේ පසුවෙන පාසල් සිසුවියක්සමග වීරපුර ප්‍රදේශයේ කැලෑවක සිටි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සාලියවැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සමඟ සිටි බාලවයස්කාර මෙම සිසුවිය ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 32 හැවිරිදි පුද්ගලයා ගිරිබාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම සිසුවිය රාජාංගනය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව පොලීසිය සඳහන් කරයි.
වීරපුර ප්‍රදේශයේ පිහිටි කැලෑවට ගිය පුද්ගලයකු බාලවයස්කාර දැරියක් සමග පිරිමි පුද්ගලයකු සිටිනවා දැක ඒ බව සාලියවැව පොලිසියට දැනුම් දී තිබේ.
දැරිය පාසල අවසන් වීමෙන් පසු මෙම පුද්ගලයා සමග කැලෑ වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට