Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අභ්‍යවකාශයට නව වැසිකිළියක්.

දැනට වසර විස්සක පමණ සිට මිනිස් වර්ගයා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ එහා මෙහා යමින්, යම් යම් ආකාරයේ පර්යේෂණ සිදු කරමින් සිටිති. එහෙත් ඔබ අප වන් සාමාන්‍ය මිනිසුන් වන ඔවුනට ද සිය මූලික සසනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කර ගැනීමට අයිතියක් ඇත. වැසිකිළි පද්ධතිය ද එවැන්නකි.

සඳුදා දිනයේ එම මධ්‍යස්ථානය වෙත ලැබුණු අට දහසක් පමණ වූ සැපයුම් අතරින් ET නම් වූ වැසිකිළි පද්ධතිය ද එකකි. එය නිළ වශයෙන් හැඳින්වෙන්නේ “විශ්වීය කසළ කළමනාකරණ පද්ධතිය” යනුවෙනි. අදාළ පද්ධතිය ගොඩනඟා තිබෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවයෙහි යෙදෙන කාන්තා සහ පිරිමි  ගගනගාමීන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව ය. 

මේ අතර සිකුරාදා රාත්‍රියේ අලුතින් ම හඳුන්වා දුන් භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය, අනාගතයේ දී පෘථිවියේ ජීවත් වන ඔබ අප සියලුදෙනාගේ ම ජීවිත අඩියක් හෝ ඉදිරියට ගෙන යාමට උපකාරී වනු ඇති අතර, එමඟින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජීවත් වන ජනතාවගේ අවශ්‍යතා ද මෙයට වඩා වැඩි පරිමාවකින් ඉෂ්ට කෙරෙනු ඇත.

About The Author