Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අපි හැදුවේ ගමේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන රජයක් – අනුරාධ ජයරත්න

ඔබ අප සියලු දෙනා එකතුවෙලා මේ සදා ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම් කන් දෙන සහ නිසි විසඳුම් ලබා දෙන රජයක් බව වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරනවා.

ඔහු මේ අදහස් පළකලේ රජය විසින් දියත්කර ඇති වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ සියලුම වැව් අමුණු සහ ඇළවේලි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මහනුවර දිස්ත්‍රික්කයේ වාරි සංවර්ධනයට වෙන්කර ඇති මුදල ලක්ෂ 3000ක්

එහිදී අදහස් දැක්වූ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා..

“ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු විසඳීමට,මේ පුරන් වී ඇති කුඹුරු නැවත අස්වැද්දීමට අවශ්‍ය සහයෝගය,උපකාරය
ලබාදීමට මා ඇතුළු අප වාරිමාර්ග අමාත්‍යාංශය කිසි මොහොතක පසුබට වෙන්නේ නැහැ.

පසුගිය ආණ්ඩුව කාලයේ සිදු වූයේ එකම වැව කීපවිටක් හාරමින් අසරණ ගොවියා ලැබෙන ජලය විනාශ කරමින් ගොවි ජනතාව අපහසුතාවයට පත් කිරීම පමණයි.

අනිත් එක මේ සියලු කටයුතු කරගෙන යන්නේ රාජ්‍ය නිලධාරීන්, ඉංජිනේරුවරුන්, දේශපාලන අධිකාරිය, ගොවිසංවිධාන සියලු දෙනාගේ එකතුවෙන්.

පසුගිය ආණ්ඩුව කාලයේ ගමේ පාර හදන්න ඇළවේලි ටික හදාගන්න ගොවි ජනතාවගේ ප්‍රශ්න විසඳගන්න මිනිස්සු කොච්චර නම් පාරට බැහැලා උද්ඝෝෂණය කලාද…?

ඒ උද්ඝෝෂණ වලට තිත තියලා ගොවියගෙ දුක හඳුනන නිසා තමයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් “ගම සමග පිළිසදරක්” වැඩසටහන තුළින් ඔබේ ගමටම ඇවිල්ලා ඒ පිළිබඳ සොයා බලලා සෑම ප්‍රශ්නෙකටම නිවැරදි විසඳුම් ලබා ඒ මොහොතේම ලබාදෙන්නේ” යනුවෙන්ද පැවසීය.

About The Author