අන් කවරදාකවත් සිදු නොවූ ආකාරයේ මහා පරිසර හා වන විනාශයක් මේ වනවිට සිදුවෙමින් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ආණ්ඩුවේම රැකවරණය ලබමින් මේ කටයුතුවල නිරතවන බව පවසන ආරක්ෂක ලේකම්වරයා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද මෙයට සම්බන්ධ බවට චෝදනා කරනවා.
ආණ්ඩුවට හිතවත් භික්ෂුවක් ත්‍රිකුණාමලයේ මහා වන සංහාරයක
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ආණ්ඩුවට සම්බන්ධ මෙන්ම තමන්ද හොදින් හදුනන භික්ෂුවක් ද මේ වන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මහා වන විනාශයක යෙදෙමින් සිටින බවයි.
පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවම යොදා වන විනාශයන් සිදුවන ස්ථාන වැටලුවද අවසානයේ එම ජාවාරම්කරුවන්ට නීත්‍යානුකූල ලෙස වනානන්තර කැපීම සඳහා බලපත්‍ර ලැබී තිබෙන බව හෙළි වීම කණගාටුදායක කාරණාවක් බවද ඔහු සඳහන් කළා.
මේ පිළිබඳ ජනාධිපතිවරයාද අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීමට පියවර ගත් බවද ගුණරත්න මහතා මෙහිදී පැවසුවා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක