කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය තුළ ඉන්දියාවට පැමිණ ආයෝජනයක් සිදුකරන ලෙස ඉන්දියාවට දැනුම් දුන්නේ තමා බව ජනාධිපතිවරයා බවටTheLeader.lk වෙබ් අඩවිය වාර්තාකර තිබෙනවා.
ඔහු ඒ බව පවසා ඇත්තේ, වරාය වෘත්තීය සමිති සමග පසුගියදා (13) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මුල් යෝජනාව ණය මුදලක් මගින් සිදුකිරීමට නියමිතව තිබු බවත්, ණයක් ගැනීමට බැරි නිසා එය වෙනස් කරමින් ඉන්දීය සංචාරයේදී තමා එම යෝජනාව ඉන්දියාවට කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එසේම, කලාපයේ භූ දේශපාලන තත්වය තේරුම් ගන්නා ලෙස ද ජනාධිපතිවරයා වෘත්තීය සමිති නායකයින් ගෙන් ඉල්ලා ඇති බවද සඳහන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට