Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අනුර ඉන්දියාවේ දී ගෝලීය බුද්ධිමතුන් හමුවේ

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස සංචාරයේ දෙවන දිනය වන අද (06) නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවිය.

Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයකි.

අනතුරුව දූත පිරිස ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නැරඹූ අතර එහි ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවක නිරත විය.

අනතුරුව අද (06) පස්වරුවේ ජාතික ජන බලවේගයේ නායකයෝ අහමදාබාද් නගරය බලා පිටත්වූහ.

About The Author