පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිතවම තොරතුරු ලද අවස්ථාවේදී, ජනාධිපතිවරයා පවා ශ්‍රී ලංකාවේ නොසිටි අවස්ථාවක ඒ පිළිබඳ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හෝ දැනුවත් නොකළේ මං දැයි අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේ දී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කෙරුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයට හෝ තොරතුරු කිසිවක් ලබා දීම මෙන්ම , ඔවුන් සමග කතා බහ කිරීම පවා තමා ඇතුළු නිලධාරීන්ට තහනම් කර තිබූ බවයි.
මේ නියෝගය හේතුවෙන් කිසිදු තොරතුරක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට ලබාදීමට නොහැකි වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ දී පිළිගත්තා.
පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 24 වැනිදා ජනාධිපතිවරයා හමුවීමට තමා ගිය බවත් එහිදී පවා ජනාධිපතිවරයා විසින් වූ වරද වෙනත් පාර්ශවයන් පිට පැටවීමට උත්සාහ කරමින් සිටිනු තමා අවබෝධ කරගත් බවත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළා.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක