මහා පරිමාණ මුල්‍ය වංචා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගෙන තිබෙනවා.
එහිදී Skype තාක්ෂණය ඔස්සේ සැකකාර තිළිණි ප්‍රියමාලි අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර කොළඹ මහාධිකරණයේ ස්ථිර මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නොමැතිවීම හේතුවෙන් නඩුව සලකා බැලුණේ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේයි.
මෙහිදී මහා පරිමාණ මුල්‍ය වංචා පිළිබඳ චෝදනා එල්ල වී තිබෙන තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් පෙනී සිටින්නේ කුමන නීතිඥ මණ්ඩලයක්ද යන්න බොහෝ දෙනෙක් අවධානය යොමුකර සිටි අතර සියල්ලන් මවිතයට පත්කරමින් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටියේ අධිකරණ හා බන්ධනාගාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මතාගේ කණිෂ්ඨ නීතිඥ මණ්ඩලයයි.
එහිදි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධාන කණිෂ්ඨ නීතිඥයෙකු වන දසුන් නාගස්හේන මහතා නීතිඥ මණ්ඩලය මෙහෙයවා තිබෙනවා.
එමෙන්ම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතාද මෙම නීතිඥ මණ්ඩලයට ඇතුළත් වීම සුවිශේෂි වුණා.
මේ සම්බන්ධයෙන් මේ වන විට නීති ක්ෂේත්‍රයේ බරපතළ කතාබහ නිර්මාණය වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට