Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අධ්‍යාපනය අමාත්‍යාංශය විශාකා විදුහල්පතිවරියට යට වෙයි – ගුරුවරයාට වෙනත් පාසලක්

කොළඹ විශාඛා විදුහලේ විදුහල්පති සඳමාලි අවිරුප්පොළ මහත්මිය විසින් සේවය භාරදීම ප්‍රතික්ෂේප කරන ලද උසස් පෙළ ගුරුවරයාට වෙනත් පාසලක් ලබා දීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට පුවත්ට පැවසු බව එම පුවත් පත වාර්තා කර තිබනවා.

අමාත්‍යංශ ලේකම්වරයා ඒ බව සඳහන් කර ඇත්තේ විශාඛා විදුහලෙන් ප්‍රතික්ෂේප කරන ලද එම ගුරුවරයා සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය කුමක්ද යන්න පිළිබඳව ඔවුන් සිදු කළ විමසුමකට පිළිතුරු දෙමින්.

එමෙන්ම මේ වන විට විශාකා විදුහලේ සිංහල භාෂාව හා සාහිත්‍ය ගුරුවරුන්ගේ අතිරික්තයක් පවතින බව විදුහල්පතිනිය දැනුම් දී ඇතැයි ද ලේකම්වරයා සදහන් කර තිබෙනවා.

ලේකම්වරයාට එසේ පැවසුවද අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් ඇය මාධ්‍යට පැවසුවේ එයට සම්පූර්ණයෙන්ම පටහැනි කතාවක්.

ඇය සදහන් කළේ සිසුවියන්ට උසස් පෙළ සිංහල භාෂාව ඉගැන්වීම සඳහා පිරිමි ගුරුවරයකු සුදුසු නොවන බව සහ අදාළ ගුරුවරයාගේ කල් ක්‍රියාව යහපත් නොවන බවයි.

අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා අත්තේ මිලාගිරිය සාන්ත පාවුළු බාලිකාවේ දස වසරකට අධික කාලයක් සේවය කර ඇති මෙම ගුරුවරයා කොළඹ විශාඛා විදුහලට ස්ථාන මාරු කිරීමට ගුරුමාරු මණ්ඩලය ගත් තීරණය ද අනුමත කළ නොහැකි බවයි.

කෙසේ වුවත් පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අධ්‍යක්ෂ ධම්මිකා ජයනෙත්ති මහත්මිය සදහන් කර තිබුණේ අදාල ස්ථාන මාරුව අමාත්‍යාංශ ලේකම්වරයාගේ ද අනුදැනුම මත සිදු වූ බවයි.

එමෙන්ම අධ්‍යාපන ලේකම්වරයා අරුණ පුවත්පතට සදහන් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයක් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විශාඛා විදුහල්පතිනිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

නමුත් ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ සිද්ධීන් එකින් එක සලකා බැලු විට අදාළ විදුහල්පතිවරියට අභිමත ආකාරයට සියල්ල සිදුවන බව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ද ඇයට අවනත අයුරින් ක්‍රියාත්මක වන බවක් පමණක් පෙනෙන්නට ඇති බවයි.

එයට ආසන්තම අනෙක් හේතුව පාසලට ළමුන් ඇතුලත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා රැසකට අදාළව ඇයට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයට අදාළ පරීක්ෂණ සියල්ල පවා මේ වන විට යට ගසා තිබීම බවද ඔවුන් පෙන්වා දෙනවා.

අදාළ විදුහල්පතිවරියගේ හැසිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය තුළ ම දැඩි විරෝධයක් මතුව තිබුණ ද කිසියම් අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් හරහා ඇයට ආරක්ෂාව සලසන බවටද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පවසනවා.