බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් පස්වරු 01 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශ කළා.
සබරගමුව, මධ්‍යම ඌව සහ දකුණ පළාත්වල ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය බදුල්ල, කොළඹ, ගාල්ල, කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් ද තවදුරටත් ක්‍රියාත්මකයි.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්