නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි