Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අතේ පැළ වෙන බොරු

කාලයක් ඇමරිකාවට වෙලා හිටිය බොලිවුඞ් රැජිණක් වන මධුරි ඩික්සිත්, 2011 වසරේ දී තමන්ගේ පවුලත් එක්ක ආයෙමත් ඉන්දියාවට ආවා. ඒ, නැවතත් සිනමාවට සමිබන්ධ වීමේ චේතනාවෙන්. ඒත් පේන විදිහට අලූත් පරපුර මධුරිව එච්චර ගණන් ගත්ත පාටක් නැහැ වගේ.


ඊළඟට එළඹුණු 2012 අලුත් අවුරුද්ද වෙනුවෙන් මුළු ලෝකයේ ම නළු නිළියෝ නැටුම් ගැයුම් වැයුම්වලින් රසිකයන් සන්තෝෂ කළා නේ. මධුරි එක්තරා යුගයක නර්තන රැජිණ බවට පත් වෙලා හිටියත්, මේ ප‍්‍රසංගවලට නම් සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇත්තටම නම් ඇය හිටියේ නටන්න හරි ම ආසාවෙන්. මධුරි ඒකට කොහොමත් එවර් රෙඩි නේ. ඇයගේ කළමනාකරුත් සෑහෙන්න උත්සහ කළා මේ ප‍්‍රසංගවලින් එකකට හරි තමන්ගේ ස්වාමි දියණියගේ නමත් ඇතුළත් කරන්න. ඒ වුණත් හැම තැනකින්ම එයාලට ලැබුනු උත්තරේ බැහැ කියන එක ලු.


තත්ත්වේ එහෙම වුනාට මේ කතාව ප‍්‍රසිද්ධ වෙන්න ඉඩ හැරියොත් ඒක මධුරිගේ නමට ලොකු හානියක්. ඒ නිසා කළමනාකරු අහන අහන අයට කිව්වේ මධුරි මේ දවස්වල විනෝද ගමනක් ගිහින්, ඒ නිසා ප‍්‍රසංගවලට සහභාගි වෙන්නේ නැහැ කියලා ලූ. ඒ මදිවට එයා කියනවාලූ ඇයට ඉන්දියානු රුපියල් කෝටි 2.5ත් 3ත් අතර ගණනක් දීලා තමන්ගෙ ප්‍රසංගවලට සහභාගී කර ගන්නත් හුඟක් අය උත්සාහ කළා කියලා. මේක නම් ටිකක් විශ්වාස කරන්න අමාරු කථාවක් කියලයි සංවිධායකවරු කිව්වේ. මොකද ඒ වෙනකොට බොලිවුඩයේ නර්තන රැජිණ වෙලා හිටපු මල්ලිකා ශිරාවත් පවා එක් ප‍්‍රසංගයක් වෙනුවන් අය කරන්නේ රුපියල් කෝටි 1යි. ඉතිම් මධුරිට කවුද කෝටි 3ක් දෙන්නේ?


ඔන්න ඕකට තමයි කියන්නේ අතේ පැළ වෙන බොරු කියනවා කියලා.

About The Author